ග්වාතමාලාවේ තානාපති කාර්යාලය ජෙරුසලමට


ග්වාතමාලා ඊශ්‍රායල් තානාපති කාර්යාලය ටෙල් අවිව් නුවරින්, ජෙරුසලම වෙත ගෙන යෑම සඳහා ග්වාතමාලාවේ ජනපති ජිමී මොරාලෙස් නියෝග කර තිබේ.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡා කිරීමෙන් පසුව තමන් මෙම තීරණයට එළැඹි බව ග්වාතමාලාවේ ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමේ ඇමෙරිකානු තීරණය ඉවත් කරගන්නා ලෙස පසුගිය 22දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලෙස ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ රටවල් 9 අතර ගෝතමාලාවද විය. මෙම ඡන්ද විමසීමේදී රටවල් 128ක් ඊට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළ අතර, එසේ පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රටවල් අතර ශ්‍රී ලංකාවද වෙයි.

මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන රටවල ආධාර කපා හරින බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ඡන්ද විමසීමට පෙර සඳහන් කර තිබුණි.

තමන් ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මොරාලෙස් ජනපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණේ, ටෙල් අවිව් නුවර පැවති සිය තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙන යාමට පෙර, වඩාත් අත්‍යවශ්‍ය සහ වැදගත් සහයෝගීතාවක් දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ලෙස තමන් ග්වාතමාලාවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.

එමෙන්ම, ග්වාතමාලාව යනු බොහෝ කාලයක සිට ඊශ්‍රායලයේ සමීප මිතුරෙකු බවද ගෝතමාලා ජනපතිවරයා පවසා තිබුණි.

1_Guatamala 2 3



Recommended Articles