ගොපළු දැරියන් දෙදෙනෙකු ශාන්තුවරියන් බවට පත්කෙරේ


පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෘතුගාලයේදී ගොපළු දැරියන් දෙදෙනෙකු ශාන්තුවරියන් බවට නම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

පෘතුගාලයේ සංචාරයක නිරත පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව හමුවේ මේ ආකාරයෙන් පෙර ගොපළු දැරියන් දෙදෙනෙකු ශාන්තුවරියන් බවට පත්කර ඇත්තේ රැස්ව සිටි පිරිසේ ඔල්වරසන් හඬ මධ්‍යයේදීය.

මීට වසර 100කට පෙර මෙම ගොපළු දැරියන් දෙදෙනා තම බැටළු රංචුව දක්කාගෙන යන විට මරිය මවුතුමිය දැක ඇති බවත්, මෙම සිදුවීම මොවුන් ශාන්තුවරියන් දක්වා පත්කිරීමට හේතු වී ඇති බවත් කියැවෙයි.

ලිස්බන් නගරයට උතුරි දෙසින් වූ ෆටීමා නගරයේදී ලක්ෂ පහක පමණ බැතිමතුන් මධ්‍යයේ මෙම උත්සවය පවත්වා ඇති අතර, මේ අවස්ථාව සඳහා රෝමානු කතෝලිකයන් වෙනත් රටවලින්ද පැමිණ ඇති බව වාර්තා වෙයි.

එම නගරයේ බිෂොප්වරයා විසින් මෙම ගොපළු දැරියන් ශාන්තුවරියන් ලෙස පත්කරන ලෙස ඉල්ලීම ප්‍රසිද්ධියේ කියා සිටීමෙන් අනතුරුව ඔවුන් කතෝලික පල්ලියේ ශාන්තුවරියන් බවට පත්කළ බව පාප් වහන්සේ පවසා ඇත.



Recommended Articles