ගොන්සාලේස් බර්මියුඩාවට බොහෝ පීඩා කරලා


ගොන්සාලේස් සුළි කුණාටුව හේතුවෙන් බර්මියුඩාවේ විශාල ප්‍රදේශයක විදුලිය ඇණහිටීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.

2 පන්තියේ සුළි කුණාටුවක් ආකාරයෙන් බර්මියුඩාවට කඩා වැදුණු ගොන්සාලේස් සුළි කුණාටුව බොහෝ ප්‍රදේශ වෙත ගංවතුර, ගස් කඩා වැටීම්, දූපතේ ප්‍රධාන රෝහල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට දැඩි අලාභානි සිදුකර ඇති බව වාර්තා වෙයි.

පැයට කිලෝමීටර් 175ක පමණ වේගයකින් බර්මියුඩාවට කඩා වැදුණු සුළි කුණාටුව දශකයකට පමණ පසුව මෙම දූපත් කලාපයට පැමිණ දරුණුතම චණ්ඩ මාරුතය ලෙස සැලකෙයි.

කෙසේ වෙතත් මේ දක්වා පුද්ගල මරණ හෝ බරපතල තුවාල පිළිබඳ වාර්තා නොවන අතර, හදිසි සේවා දිවා රෑ සහන සේවාවල නිරත ව බව පැවසෙයි.



Recommended Articles