ගොඩබිම වේගවත් ක්ෂීරපායී සත්වයාට ගොඩබිම අහිමියි


ගොඩබිම ජීවිත් වන වේගවත්ම ක්ෂීරපායී සත්වයා ලෙස සැලකෙන චීටා ගහණය ඉතා ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මෙම අධ්‍යයන වාර්තාවට අනුව ලොවපුරා වනාන්තරවල මේ වනවිට ජීවත්ව සිටින චීටා ගහණය 7,100ක් තරම් ඉතා පහළ අගයකි.

මිනිසුන් විසින් මෙම සතුන් මරා දැමීම මේ ආකාරයෙන් චීටා ගහණය අඩුවීමට ප්‍රබල සාධකයක් බව කියැවෙයි. එමෙන්ම, ආරක්ෂිත වනෝද්‍යාන අභිභවා එම සතුන් තම නිජබිම් සොයා යෑම නිසා චීටා සහ මිනිසුන් අතර ගැටුම් දිනෙන් දින ඉහළ යමින් පවතින බවද කියැවෙයි.

ඒ අනුව, ලොව වඳවී යාමේ තර්ජනයකට මුහුණ පාමින් සිටින මේ සුවිශේෂී සත්වයා ආරක්ෂා කිරීම සඳහා වහ වහා යුහුසුළුවිය යුතු බව එම අධ්‍යයනය වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහිදී, දැනට ලොව පුරා ජීවිත්වන චීටා ගහණයෙන් අඩකට වඩා වැඩි සතුන් ප්‍රමාණයක් දකුණුදිග අප්‍රිකාව මූලික කරගත් රාජ්‍යයන් 6ක ජීවත් වන බව කියයි. කෙසේ වෙතත්, ආසියාවේ ජීවත්වන චීටා සතුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ තුරන්ව ඇති බවත්, ඉරානයේ පමණක් චීටාවුන් 60ක් පමණ දැකගත හැකි බවත් එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles