ගූගල් විසින් නිර්මාණය කරන ලද ස්වයංක්‍රීය ධාවනයක් සහිත භාණ්ඩ ප්‍රවාහන ඩ්‍රෝන යානා වැඩපිළිවෙළක පරීක්ෂණ ගමන් වාර මේ වනවිට සිදුකරමින් පවතින බව පැවසෙයි.
ගූගල් එක්ස් වැඩසටහනට යටතේ සිදුකෙරෙන මෙම වැඩපිළිවෙළ සිදුකෙරෙන අතර, එය ස්වයංක්‍රීය ධාවනයක් සහිත ගූගල් මෝටර් රථ ව්‍යාපෘතියේද තාක්ෂණික කණ්ඩායමයි.
මීට වසර දෙකකසිට මෙම ඩ්‍රෝන මෙහෙයුම ගූගල් විසින් සිදුකර තිබුණත්, එය රහසක් ලෙස තබාගැනීමට මේ දක්වා ඔවුන් කටයුතු කර තිබේ.
පහසුවෙන් ළඟාවිය නොහැකි ස්ථානයන්හි හදිසි ආපදාවන්ට ලක්වූවන් මෙන්ම, හුදකලා ප්‍රදේශයක සිටින්නන් වෙත ආධාර ලබාදීම මෙම වැඩපිළිවෙළේ දීර්ඝ කාලීන ඉලක්කය බව ගූගල් පවසයි.
ඒ අනුව, භූමිකම්පා, ගංවතුර අදී වශයෙන් බැරෑරුම් තත්ත්වයන්ගෙන් පසුව සහනාධාර අවශ්‍ය වූවන් වෙත ඖෂධ හා හදිසි ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට මේවා යොදාගැනීමට හැකිවනු ඇති බව ඔවුන් පවසයි.
තවම පරීක්ෂණ මට්ටමේ පවතින මෙය නුදුරු අනාගතයේදීම ක්‍රියාවේ යෙදවීම ගූගල් බලාපොරොත්තුවයි.