ඇමෙරිකාවේ, කන්සාස් ප්‍රාන්තයේ, විචීටා ගුවන් තොටුපොළේ පාලන කුලුණේ කුඩා ගුවන් යානයක් ගැටීමෙන් අනතුරකු සිදුව ඇති බව වාර්තා වෙයි.
ගුවන් යානය ගැටීමත් සමග ගුවන් තොටුපොළේ ගොඩනැගිල්ලකින් කළු දුමාරයක් විහිදෙන ආකාරය දුටු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසා තිබේ.
එම ගුවන් තොටුපොළ ට්විටර් පණිවුඩයකින් පවසා තිබුනේ යානය ගුවන් තොටුපොළේ ගුවන් පාලන කුටියේ ගැටී ඇති බවයි.
බීච් ක්‍රාෆ්ට් වර්ගයේ මෙම යානය ගුවන්ගත කරමින් සිටි අවස්ථාවේදී එහි එන්ජිම ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
වහාම ක්‍රියාත්මක වූ ගුවන්තොටු පොළ ගිනි නිවන හමුදාව ආපදාව වළක්වා ඇති අතර, සිදුවීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවද කියැවෙයි.