ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පනී


ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සිට චිකාගෝ බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් හිම පතනය හේතුවෙන් චිකාගෝ ගුවන් පථයෙන් ලිස්සා ගොස් තිබේ.

යුනයිටඩ් ගුවන් සේවයට අයත් මෙම යානය චිකාගෝ, ඔහාරේ ගුවන් තොටුපොළේදී මෙම අනතුරට ලක්ව ඇති අතර, ගුවන් පථයේ වූ හිම හේතුවෙන් යානය ලිස්සා යමින් තණ පිට්ටනියට ඇදී ගොස් තිබේ.

කෙසේ වෙතත්, මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බව එම ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.



Recommended Articles