ගුවන් තොටුපොළට ආ මොණරා ආපසු හරවා යවළා


චිත්තවේග පාලනය වෙනුවෙන් ඇතැම් පුද්ගලයන් සතුන් යොදා ගැනීම විදෙස් රටවල දැකිය හැකි අතර, මෙම සිදුවීමද එවැනි චිත්ත වේග පාලනයට යොදාගත් මොණරෙකු ගුවන් යානයක රැගෙන යාමේදී ඇති වූ අකරතැබ්බයක් පිළිබඳ කතා පුවතකි.

මෙම මොණරා රැගෙන යාම සඳහා එම සතාගේ හිමිකාරිය විසින් නියමිත පරිදි ගුවන් ටිකට්පතක් ලබාගෙන තිබුණද, නිව් ජර්සි නුවර නිවාක් ගුවන් තොටුපොළට පැමිණි විට මොණරාගේ බර සහ ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් මතු කරමින් එම සත්වයා ගුවනින් රැගෙන යාමට ඉඩ ලබාදිය නොහැකි බව ගුවන් සමාගම පවසා තිබේ.

යුනයිටඩ් ගුවන් සමාගම වැඩිදුරටත් පවසා ඇත්තේ අදාළ කාන්තාවට ගුවන් තොටුපොළට පැමිණීමට පෙර ඔවුන් මෙම කරුණු දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත්, අදාළ කාන්තාව තම මොණරා සමග ගුවන් තොටුපොළට පැමිණ සිටින ඡායාරූප මාධ්‍යයේ පළ වී තිබූ අතර, මොණරාද කිසිදු හැලහොල්මනයකින් තොරව තම හිමිකාරිය සමග ගුවන් තොටුපොළේ සිටින ආකාරය දැකිය හැකි විය.

2 1_Peokok



Recommended Articles