ගුවන් අනතුරු සැමරුමේදී ගුවන් යානයක් කඩාවැටේ


වර්ෂ 1972දී අන්දීස් ගුවන් අනතුර සිහි කැඳවමින් උරුගුවේ රාජ්‍යයේ පැවති ගුවන් සංදර්ශනයක් අතරතුර සැහැල්ලු ගුවන් යානයක් අනතුරට පත්ව තිබේ.

මෙම සැහැල්ලු ගුවන් යානයේ ගමන් කළ සහායක නියමුවා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

පයිපර් ජේ-3 මාදිලිය් මෙම සැහැල්ලු ගුවන් යානයේ නියමුවන් දෙදෙනෙකු ගමන් කර තිබූ අතර, මෙම සැමරුම් උත්සවය මොන්ටේවීඩියෝ වෙරළ ආසන්නයේ පැවැත්වී ඇත.

වර්ෂ 1972 ගුවන් අනතුරින් දිවි ගලවාගත්තෙකු පවසා සිටියේ තමන් හොලිවුඩ් චිත්‍රපටයක් නරඹන ආකාරයෙන් මෙම සැහැල්ලු ගුවන් යානය මුහුදට කඩා වැටෙන දසුන දුටු බවයි.

කෙසේ වෙතත්, මෙම අනතුරින් ගුවන් යානයේ නියමුවා පිහිනා දිවි ගලවාගෙන තිබේ.

1_piperj-3cub02



Recommended Articles