ගුවන් අනතුරින් ටෝටල් ප්‍රධානියා ජීවිතක්ෂයට


හිම ඉවත් කිරීමේ යන්ත්‍රයක් ගුවන් පථයකදී පෞද්ගලික ගුවන් යානයක ගැටීම හේතුවෙන් රුසියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ටෝටල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටෝෆේ ඩි මාගෙරී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

එම හිම ඉවත් කිරීමේ යන්ත්‍රය පැදවූ ව්ලැඩිමීර් මාර්ටිනේකොව් රුසියානු රූපවාහිනියට අදහස් දක්වමින් පවසා ඇත්තේ එම යන්ත්‍රයේ වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තමන්ට එය පාලනය කරගැනීමට නොහැකි වූ බවයි.

63 හැවිරිදි මාගෙරි මෙන්ම, එම යානයේ කාර්ය මණ්ඩලයේ තිදෙනාද මෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියානු බලධාරීන් මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මෙහෙයවන අතර, එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිටියේද යන්න සොයා බලයි. කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ ඥාතීන් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

 

 



Recommended Articles