(UPDATE) නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපොළේදී සිදුවූ අනතුරින් බංග්ලාදේශ යානයේ ගමන්ගත් පුද්ගලයන් 71 දෙනාගෙන් 49 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබේ.
නේපාලයේ කත්මණ්ඩු නුවර ගුවන් තොටුපොළේදී බංග්ලාදේශ ගුවන් යානයක් අනතුරට පත්විමෙන් පුද්ගලයන් 38ක් ජීවිතක්ෂයට පත්ව තවත් 17ක් දිවි බේරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානයේ විනාශ වූ කොටස් අතර සිරවී සිටින්නන් බේරා ගැනීම වෙනුවෙන් මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. අනතුරට පත්වන අවස්ථාව වන විට ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩලයේ 71ක් ගමන්කර තිබේ.
ගුවන් යානය ගොඩ බෑමට යාමේදී මෙම අනතුර සිදුව තිබේ.