ලිබියානු හමුදා ජෙට් යානයක් නැගෙනහිර නගරයක් වූ ටොබ්රුක් ආසන්නයේදී අනතුරට පත්වීමෙන් දරුවෙකු ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකුට ජීවිත අහිමි කර ඇති බව වාර්තා වෙයි.
ගිනි ජලාවක් නංවමින් අනතුරට පත්වූ ජෙට් යානය එරට නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආසන්නයේ ගොඩනැගිල්ලක් වැදීමෙන් මෙසේ අනතුරට පත්ව ඇති අතර, ආරක්ෂක අංශ පවසා සිටින්නේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවය.
ලිබියාවේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව සටන් වදින එරට හිටපු හමුදා ජනරාල් කලීෆා හෆ්ටාර්ගේ හමුදාව විසින් ජෙට් යානය පදවා ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, පසුගිය සතිය වනවිට ඉස්ලාමීය සම්බන්ධතා ඇති සටන්කාමීන් එරට අගනගරය වූ ට්‍රිපෝලි නගරයේද බලය අත්පත් කරගත්තේය.