ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පෙට්ලාවාද් ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාම හේතුවෙන් පුද්ගලයන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය වනවිට ආපනශාලාව තුළ උදෑසන ආහාර ගැනීම සඳහා වෘත්තිකයන් හා පාසල් දරුවන් විශාල පිරිසක් රැඳී සිටි බව කියයි.
පොලීසිය පෙන්වාදෙන පරිදි අනාරක්ෂිත ලෙස ගෑස් සිලින්ඩර තබාගැනීම මෙම පිපිරීමට හේතුවී තිබේ.
මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති අතර, සිද්ධියෙන් තවත් පුද්ගලයන් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.