ගාසා ගැටුම්වලින් මියගිය 50ක් හමාස් සාමාජිකයන් බව කියයි


ගාසා තීරයේදී පසුගියදා ඇති වූ ගැටුම්වලින් තම සංවිධානයේ සාමාජිකයන් 50ක් පමණ ජීවිතක්ෂයට පත්වූ බව හමාස් දේශපාලන අධිකාරියේ සාමාජිකයෙකු පවසයි.

ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සටන්කාමීන් සිවිල් වැසියන් උද්ඝෝෂණයට පොළඹවමින් ඔවුන්ට මරණය උරුම කර දුන්නේ දැයි යනුවෙන් මාධ්‍ය අසනලද පැනයකට පිළිතුරු දෙමැනි සලාහ් අල්-බර්දාවීල් මෙම ප්‍රකාශය කර තිබුණි.

ඊශ්‍රායලයේ නව ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ පිහිටුවීමත්, ඊශ්‍රායලයේ බිහිවීමද මීට වසර 70කට පෙර 1948 මැයි 15 වැනිදාවක සිදුවීමත් මූලික කරගනිමින් පලස්තීනුවන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය ගාසා තීරයේදී පැවැත්විණි.

මෙහිදී ඊශ්‍රායල් හමුදා විසින් එල්ල කරනලද ප්‍රහාරවලින් සමස්තයක් ලෙස පුද්ගලයන් 62 දෙනෙකු ජීවතක්ෂයට පත්වූ බවත්, ඉන් 50ක් හමාස් සාමාජිකයන් බවත් අල්-බර්දාවීල් පවසා තිබුණේ එය නිල දත්ත බවද පවසමිනි.

නමුත්, මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ අදහසක් දරන ඊශ්‍රායලය චෝදනා දරන්නේ හමාස් සටන්කාමීන් විසින් සාමාන්‍ය වැසියන් උසිගන්වා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඉන් වාසි ලබාගැනීමට උත්සාහ කරන බවයි.

1_Hams



Recommended Articles