ගාඩාෆිගේ විශේෂ බලකා පුතාටත් මරණය හිමිවෙයිද ?


හිටපු ලිබියානු නායක කර්නල් මුහම්මර් ගඩාෆිගේ පුත්, සාඩි ගඩාෆි නයිගර් රාජ්‍යයෙන් පිටුවහල් කර මේ වනවිට ලිබියාවේ ට්‍රිපෝලි නගරයේ අත්අඩංගුවේ පසුවන බව ලිබියානු රජය පවසයි.

2011 වසරේ පැවති ලිබියානු කරැල්ලේදී සිය පියා ඝාතනය වීමත් සමගම සාඩි නයිගර් රාජ්‍යයට පැන ගියේය.

සිය පියාගේ පාලනය යටතේ උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සහ තවත් අපරාධ රැසකට වැරදිකරු වී සිටින සාඩි, එකල ලිබියානු විශේෂ බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ලිබියානු රජය විසින් කෙටි නිවේදනයක් සමග සාඩි ගඩාෆි නයිගර් රාජ්‍යයෙන් පිටුවහල් කළ බව පවසා සිටියේය.

මීට පෙර සාඩි පිටුවහල් කරන ලෙස නයිගර් රාජ්‍යයෙන් ලිබියාව ඉල්ලා සිටියද ඔවුන් මුලින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මේ අතර, ලිබියානු අධිකරණ අමාත්‍යවරයා පවසා සිටින්නේ සාඩි අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනයට මුහුණ දෙනු ඇති බවය.

2012 වසරේදී ඉන්ටර්පෝල් වෙතින් රතු නිවේනයක් නිකුත් කරමින් කියා සිටියේ, සාඩි අත්අඩංගුවට ගන්නා ලෙසය.

සහරා කාන්තාරය හරහා නයිගර් රාජ්‍යයට පැන යාමෙන් පසුව එහි අගනගරය ලෙස සැලකෙන නියාමෙයි හි සංචාරක නිකේතනයක ඔහු ලැගුම් ගෙන සිට ඇති බව වාර්තාවෙයි.



Recommended Articles