ග්‍රෙන්ෆෙල් නිවාස සංකීර්ණ ගින්නට හේතුව ශීතකරණයක්


ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ ගින්නට හේතුව ශීතකරණයකින් ඇති වූ ගින්නක් බවත්, එම ගොඩනැගිල්ලේ ක්ලැඩින් සහ එකී සවිකිරීම් පිළිබඳ සිදුකළ තත්ත්ව පරීක්ෂාවෙන් ඒවා අසමත්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලීසිය පවසන්නේ මනුෂ්‍ය ඝාතනය, සෞඛ්‍ය හා ආරක්ෂණ හා ගිනි ආරක්ෂණය පිළිබඳව චෝදනා ගෙනු කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවයි.

කෙන්සින්ටන් ප්‍රදේශයේ වූ මෙම මහල් නිවාසයේ නිවාස එක්ක 151ක් ගින්නට හසුව තිබූ අතර, මෙම ගින්න හේතුවෙන් මියගිය පිරිස 79ක් බව සඳහන් විය.

ඒ අනුව, මෙම ගින්න ඇතිවූයේ යැයි පැවසෙන ශීතකරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් නියෝග කර තිබේ.

මේ අතර, පසුගිය ජුනි 14 වැනිදා ඇති වූ මෙම ගින්න හේතුවෙන් පුද්ගලයන් නව දෙනෙකු තවමත් රෝහල්ගතව සිටින අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්, මෙම ගින්න හිතාමතා සිදුකළ ගිනි තැබීමක් නොවන බව විශ්වාස කරන පොලීසිය පවසන්නේ එහි පැතිරීම සිතාගත නොහැකි තරම් වේගයකින් සිදුව ඇති බවයි.



Recommended Articles