ග්‍රීසියේ මහ මැතිවරණය උණුසුම්


ග්‍රීසියේ මහ මැතිවරණය ආරම්භ වීමත් සමග බලයේ සිටින වාමාංශික සිරයිසා පක්ෂයා හා මධ්‍යස්ථ මතධාරී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර ප්‍රබල තරගයක් පවතින බව කියැවෙයි.

වසර හයක් ඇතුළත ග්‍රීසියේ පැවැත්වෙන පස් වැනි මැතිවරණය ලෙස සැලකෙන අතර, පසුගිය අගෝස්තු මාසයේදී සිරයිසා පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමත් සමග මෙම මැතිවරණය කැඳවීය.

සිරයිසි නායක ඇලෙක්සිස් සිප්රාස් එරට තුළ ජනප්‍රියත්වයට පත් නායකයෙකු වුවද, ඔහු යුරෝපා නායකයන්ගේ අලුත් ණය ගිවිසුමට එකඟවීමත් සමග ඔහුගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් හීන වී ගියේය.

මේ වනවිටත් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින ග්‍රීසියේ කවර පක්ෂයක් බලයට පත් වුවද, මෙම ණය අර්බුදයෙන් ගොඩඒම සඳහා දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට මුහුණ දීමට සූදානම් විය යුතු බව කියැවෙයි.



Recommended Articles