කෝලා බීම නිෂ්පාදනය සිදුකරන දකුණු ඉන්දියානු සමාගම්වලට ප්‍රදේශයේ ගංගා ජලය භාවිත කිරීමට අවසරදෙමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම සමාගම් විසින් තාමිරබරණී ගංගාවේ ජලය භාවිත කිරීමට විරෝධය දක්වමින් සිදුවන විරෝධතා අතරතුර අධිකරණය මෙම නියෝගය පනවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එම සමාගම් විසින් මෙම ගංගාවේ ජලය භාවිත කිරීම මින් මාස හතරකට පෙර ලබාදුන් අතුරු නියෝගයක් මගින් තහනම් කර තිබුණි.
එහිදී, තමිල්නාඩු වෙළෙඳ සංවිධාන විසින් මෙම සමාගම්වල ක්‍රියාකලාපය හේතුවෙන් ප්‍රදේශයේ වගාවට අවශ්‍ය ජලය නොමැතිව ගොවීන් දැඩි අවාසයකට මුහුණදී ඇති බව සිය විරෝධාතවලදී කියා සිටියේය.
නමුත්, මෙම විරෝධාතවලදී අසාධාරණ ලෙස තමන් ඉලක්ක වන බව පෙර කී කෝලා සමාගම් අධිකරණයට කියා තිබුණි.
මේ සමගම අදාළ වෙළෙඳ සංවිධාන විසින් පසුගිය 01 වැනිදා තමිල්නාඩුව තුළ මෙම කෝලා බීම වර්ග නිෂ්පාදනය වර්ජනය කරමින් දැඩි පියවරකටද එළැඹ තිබුණි.