කෝටි 1300 චීන බිල්ඩිම ඔන්ලයින් වෙන්දේසියේ


සම්පූර්ණයෙන් නිම නොවූ අහස සිඹින ගොඩනැගිල්ලක් අන්තර්ජාලය තුළ වෙන්දේසියට ඉදිරිපත් කළ පුවතක් චීනයෙන් වාර්තා වෙයි.

මීටර් 156ක් උස මෙම ගොඩනැගිල්ල චීනයේ උතුරුදිග ෂාන්සි පළාතේ ඉදිවූවකි. එය චීනයේ විශාලතම ඉ-වාණිජ වෙබ් අඩවිය වන ටාඕබාඕ තුළ වෙන්දේසියට යොමුකර ඇත.

වර්ග මීටර් 76,000ක මෙම දැවැන්ත ගොඩනැගිල්ල වෙනුවෙන් එම වෙන්දේසියේදී කැඳවා ඇති මිල වන්නේ ඇ.ඩො.මිලියන 84කි. එය ආසන්න වශයෙන් රු.කෝටි 1,300කි.

මෙම ගොඩනැගිල්ලේ අලෙවිය වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීමට මෙම අන්තර්ජාල වෙන්දේසිය ඉවහල් වන බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

2006 වසරේදී ආරම්භ කළ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 2011 වසරේදී නිමවීමට නියමිතව තිබුණි.

නමුත්, එහි ආයෝජකයන් ඊට මුදල් ආයෝජනය කිරීමේ යම් මූල්‍ය අර්බුදයකට ලක්වීමත් සමග ගොඩනැගිල්ල ෂාන්සි පළාත් ඉහළ අධිකරණයක් විසින් පවරාගෙන තිබුණි.

1_taobao3.png 2



Recommended Articles