2012 වසරේදී ඉතාලියේ ගිග්ලියෝ දූපත ආසන්නයේදී මුහුදේ ගිලී ජීවිත හානි 32ක් සිදුකළ කොස්ටා කොන්කෝඩියා නෞකාවේ කපිතාන්වරයා මේ වනවිට බියගුලු කපිතාන්වරයා යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධව සිටියි.
මෙම අනතුර සම්බන්ධයෙන් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේ දෙවැනි දිනයේදී කපිතාන් ෆ්‍රැන්සෙස්කෝ ෂෙටීනෝ පවසා සිටියේ නෞකාව ගිලෙමින් පවතින අවස්ථාවේදී මගීන් කලබලවී ජලයට පනීවි යන සිතිවිල්ල නිසා එය ගිලෙන බව හැඟවෙන සීනුව නාද කිරීම ප්‍රමාද කළ බවයි.
මෙහිදී, මනුෂ්‍ය ඝාතනය හා තම රාජකාරිය පැහැර හැරීම යන චෝදනා යටතේ කපිතාන්වරයාට එරෙහි නඩු විභාගය පැවැත්විණි.
නෞකාව නියමිත මුහුදු මාර්ගයෙන් ඉවත්ව ගිග්ලියෝ දුපතට ආසන්නයෙන් ගමන් කිරීමේදී ගල් පරයක වැදීමෙන් මෙම අනතුර සිදුවූ අතර, එහි සම්පූර්ණ වගකීම කපිතාන්වරයා සතු බව නීතීඥයන් තර්ක කරමින් තිබුණි.
නෞකාවේ ගමන් කළ කාන්තාවකගේ ගැහැණු මායමකට කපිතාන්වරයා හසුවීම තුළ මෙම ඛේදවාචකය සිදුවූ බවටද එකල බොහෝ කතා පැවතුණි.