2012 වසරේදී ඉතාලියට ආසන්න ගිග්ලියෝ දූපත අසළ මුහුදේදී අනතුරට පත්වූ කොස්ටා කොන්කේඩියා නෞකාවේ කපිතාන්වරයාට ලබාදී තිබූ වසර 16ක සිර දඬුවම යළි තහවුරු කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිරණය කටයුතු කර තිබේ.
ෆ්‍රැන්සිස්කෝ ෂෙටීනෝ නමැති කපිතාන්වරයා රෝමයෙ රෙබෙබ්බියා බන්ධනාගාරය වෙත යළි රැගෙන ගිය බව ඔහුගේ නීතීඥයෝ පවසති.
2015 වසරේදී මෙම අනතුරට වැරදිකරු වූ ෂෙටීනෝ මනුෂ්‍ය ඝාතනය, නාවුක අනතුරක් සිදුකිරීම යන චෝදනා යටතේ මෙම සිර දඬුවමට යටත් විය.
බියගුළු කපිතාන්වරයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඔහු අනතුර සිදුවීමත් සමග මුලින්ම ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැගගත් බවත් අනාවරණය විය.
එමෙන්ම, මෙම නෞකාවේ සිටි සුන්දර ළලනාවක්ද අනතුරට හේතුව බව එවකට කතා වූ අතර, කාන්තාවක් නිසා මහා නැවක් පෙරළී ගිය බව කියවුණි.
මෙම අනතුරින් පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.