කොලරා රෝගය හේතුවෙන් සිදුවන මරණ 90%ක් වර්ෂ 2030 වනවිට වැළැක්වීම සඳහා කැපවීමේ අරමුණින් ලොව පුරා සෞඛ්‍ය බලධාරීන් ප්‍රංශයේදී හමුවූ බව විදෙස් වාර්තා පවසයි.
කොලරා රෝගය පැතිර යාමට අපිරිසුදු ජලය ප්‍රධාන වශයෙන් හේතු වන අතර, මෙම රෝගය නිසා වසරකට ලක්ෂයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
ඒ අනුව, ලොව පුරා රාජ්‍යයන්, සෞඛ්‍ය සංවිධාන හා ආධාර ආයතන මේ ආකාරයෙන් සම්මුතියකට පැමිණ, කොලරා රෝගය මැඬලීම සඳහා එක්වන පළමු වැනි අවස්ථාව මෙයයි.
කොලරා රෝගය යේමනය තුළ වේගයෙන් පැතිර යමින් පවතින අවස්ථාක මෙම හමුව පැවැත්වෙන අතර, සෞඛය හා සනීපාරක්ෂාව බිඳ වැටීම, පිරිසුදු ජල සැපයුමට හානි වීම ආදී කරුණු නිසා යුද ගැටුම්වලට මැදිව සිටින යේමනය මේ වනවිට විශාල වශයෙන් කොලරාවට බඳුන් වී සිටියි.
එහිදී, නිසි වෛද්‍ය පහසුකම් නොමැති නිසා කොලරාව හේතුවෙන් මේ වනවිටත් දෙදහසකට වැඩි පිරිසක් යේමනය තුළ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් හත් ලක්ෂ හැත්තෑ දහසක පමණ පිරිසකට කොලරාව වැළඳී තිබේ.