උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වැඩි ගෞරවයක් හිමිවිය යුතු බව දකුණු කොරියානු ජනපති මූල් ජේ-ඉන් පවසයි.
පසුගිය අඟහරුවාදා දෙරට අතර ප්‍රථම සාකච්ඡා වටය ආරම්භ වූයේ වසර දෙකකට පසුවය.
මෙහිදී, දකුණු කොරියාවේදී පැවැත්වෙන සීත සෘතු ඔලිම්පික් උලෙළට උතුරු කොරියාවේ සහභාගීත්වය තහවුරු කිරීමද සිදුවිය.
දකුණු කොරියානු නායකයා පවසා සිටියේ ඇමෙරිකානු නායකයාට තම කෘතඥතාව පෙන්විය යුතු බවයි.
එමෙන්ම, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද පසුගිය සතියේදී මෙම සාකච්ඡා මේසය සම්බන්ධයෙන් කතා කර තිබුණි.
එහිදී, ඔහු කියා තිබුණේ උතුරු කොරියාවට එරෙහිව අපට ගත හැකි උපරිම ශක්තිය යෙදවීම තුළ මෙම සාකච්ඡා මේසයට මඟ පෑදුනු බවයි.