කොරියානු අර්ධද්වීපයේ සාමයට අකුල් හෙලන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය?


උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ අර්ධ සහෝදරයා උතුරු කොරියානු නියෝගයකට අනුව මැලේසියාවේදී රසායනික ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඇමෙරිකාව නිගමනයකට පැමිණ තිබේ.

කෙසේ වෙතත්, උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් අතර ඓතිහාසික සාකච්ඡාවක් පවත්වා දිනකින් පසුව ඇමෙරිකාව මෙම අදහස පළ කර තිබීමද විශේෂත්වයකි.

ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී පසුගිය වසරේදී මෙම අර්ධ සහෝදරයා ජීවිතක්ෂයට පත්වූයේ කාන්තාවන් දෙදෙනෙකු මැදිහත්වීමෙන් ඔහුගේ මුහුණෙ යම් රසායනිකයක් තැවරීමෙන් බව සඳහන් විය.

එහිදී, අත්අඩංගුවට පත් මෙම කාන්තාවන් පවසා තිබුණේ තමන් රූපවාහිනී කවට වැඩසටසහනකට සම්බන්ධව සිටි බව විශ්වාස කළ බවකි. කෙසේ වෙතත්, මෙම කාන්තාවන් දෙදෙනාට කිම් ජොන්ග්-නැම්ගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

කලක් නිහඬව පැවති මෙම සිදුවීම එක්වරම කරළියට ගෙන ඇති ඇමෙරිකාව පවසන්නේ, මෙම නිගමනයත් සමග උතුරු කොරියාවට යළිත් නව සම්බාධක පැනවීමට ඔවුන් සූදානම් බවය.

මෙම මරණය උතුරු කොරියාව විසින් සිදුකළ බව ඇමෙරිකාව මුල සිටම පුල පුලා කියා සිටි අතර, උතුරු කොරියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන්නට විය.

උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන් සහ දකුණු කොරියානු නායක මූන් ජේ-ඉන් අතර ලබන මාසයේදී තවත් ඓතිහාසික හමුවකට පාර කැපෙමින් පවතන වකවානුවක ඇමෙරිකාව සිය සුපුරුදු බළල් හස්තය කොරියානු අර්ධද්වීපය වෙත මුදාහරිමින් සිටින බව ස්වාධීන මාධ්‍යයන් හි අදහස වී තිබේ.

1_US interfere 2 3 4



Recommended Articles