කොබානේ රැකගැනීමට කුර්දි හමුදාවද පෙරට එයි


තුර්කිය ආසන්න සිරියානු දේශසීමාවේ කොබානේ නගරය ආශ්‍රිත ගැටුම් උත්සන්න වෙමින්, කුර්දි හමුදා ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඇති බවත් වාර්තා වෙයි.

ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය විසින් අතිශය ප්‍රබල හා සාර්ථක ගුවන් ප්‍රහාරයක් නගරය අත්පත් කරගැනීමට පැමිණෙන අන්තවාදීන්ට එරෙහිව දියත් කිරීමත් සමග කුර්දි හමුදා මෙසේ ධෛර්වත් වී තිබේ.

මේ අතර, සිරියාවේ කටයුතු කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ උපායමාර්ගික වශයෙන් වැදගත් මෙම නගරය අන්තවාදීන් අතට පත්වීමට නොදී ආරක්ෂා කරගන්නා ලෙසයි.

එමෙන්ම, නගරය අන්තවාදීන් අතට පත්වුවහොත් මහා මනුෂ්‍ය සංහාරයක් එහි සිදුවිය හැකි බවද ඔහු පවසයි.

 



Recommended Articles