සිරියානු දේශසීමා ආසන්න නගරයක් වූ කොබානේ නගරයේ පුද්ගලයන් 700ක් පමණ කොටුවී සිටින බව සිරියානු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා පවසයි.
එසේ කොටුවී සිටින වැඩි පිරිස වයස්ගත ජනතාව බවද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ස්ටෆාන් ඩි මිස්ටුරා පවසයි.
මේ අතර, ISIS ඉස්ලාමීය අන්තවාදීන් නගරයේ කුර්දි මූලස්ථානයේ බලය තහවුරු කරගෙන ඇති බවටද වාර්තා පවතී.
නමුත්, සිරියානු කුර්දි කාර්යාලය මෙම තොරතුර ප්‍රතික්ෂේප කරයි.
පසුගිය සති තුනක කාලය පුරා මෙම නගරය අත්පත් කරගැනීම සඳහා ඉස්ලාමී අන්තවාදීන් දැඩි උත්සාහයක් ගන්නා අතර, ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන්ගේ ගුවන් ප්‍රහාර එය අඩපණ කිරීමට සමත්ව තිබේ.
ගැටුම් උත්සන්නවත්ම නගරයේ වැඩි පිරිසක් ආසන්නතම තුර්කිස්ථානය වෙත පළාගිය අතර, මෙම නගරය වෙත ගොඩබිම් හමුදාවක් යැවීම සම්බන්ධයෙන් විවිධ අදහස් පැවතියද තවම එය ක්‍රියාත්මක මට්ටමේ නොපවතී.