කොන්දේසි විරහිතව තලේබාන් සාකච්ඡාවකට ඇෆ්ගන් රජය සූදානම්


තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ පසුගිය වසර 16ක් තුළ ක්‍රියාත්මක කළ ගැටුම්වලට නිමාවක් දෙමින් ඔවුන් ප්‍රධාන දහරාවේ දේශපාලනයට යොමුකර ගැනීමේ අරමුණින් ඔවුන් සමග කොන්දේසි විරහිත සාකච්ඡාවකට එරට ජනපති සැරසෙයි.

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ඝානි පවසා සිටියේ මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මූලික අඩිතාලම ලෙස තලේබාන් සංවිධානය නීත්‍යනුකූල දේශපාලන කණ්ඩායමක් ලෙස පිළිගැනීමටද අදහස් කරන බවයි.

එරට නායකයා මෙම අදහස් දැක්වීම සිදුකර තිබුණේ තලේබාන් ගැටලුව විසඳීම වෙනුවෙන් රටවල් 25ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.

එමෙන්ම, මෙහිදී සටන් විරාමයකට පැමිණ දෙපාර්ශ්වයේම සිරකරුවන් නිදහස් කිරීමේ වැදගත්කමද පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, මෙහිදී තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සඳහන් නොකර මෙම යෝජනා ඉදිරිපත් කිරීමද විශේෂත්වයක් ගෙන ඇත.

1_Taleban



Recommended Articles