කොන්දේසි නැතිව උ.කොරියාව සමග සාකච්ඡාවට ඇමෙරිකාව සූදානම්


කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව උතුරු කොරියාව සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡාවට සූදානම් බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසයි.

ඒ අනුව, උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇමෙරිකානු ප්‍රතිපත්තියේ යම් වෙනසක් සිදුව ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

මීට පෙර ඇමෙරිකාව කියා සිටියේ උතුරු කොරියාව සමග සාකච්ඡා මේසයට පැමිණීමට නම්, ඔවුන් මුලින්ම සිය ආයුද බිම තැබිය යුතු බවයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මෙන්ම, ඔවුන්ගේ මිසයිල අත්හදා බැලීම් එරට වෙත දැඩි ආර්ථික සම්බාධක පැනවීමට හේතු විය.

මෙව් අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද පසුගියදා උතුරු කොරියාවේ සංචාරයක නිරත වෙමින් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබුණි.

1_Tillorson



Recommended Articles