කොටින්ට චණ්ඩිකම් පාන්න ගිහින් අනූනවයෙන් බේරෙයි


ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ග්වාලියර් සත්වෝද්‍යානය නරඹමින් සිටි පිරිස එක්වරම කෑකෝ ගසන්නට වූයේ එහි කොටින් දමා ඇති ගුහාවට තරුණයෙකු පැනීමත් සමගය.

යශෝනන්දන් කවුෂික නමැති 23 හැවිරිදි ඉංජිනේරු සිසුවෙකු මෙසේ කොටි ගුහාවට පැන තිබුනේ කොටින්ට අභියෝග කිරීමේ අටියෙන් පව පැවසෙයි.

පොළොව මට්ටමින් අඩි 20ක් පමණ හාරා සාදා තිබූ කොටි ගුහාවට පැන ඔහු කොටින් පසුපස එළවාගෙන ගියේ තම කමිසයද උනා දමමිනි.

එම අවස්ථාවේදී මෙම තරුණයාට යම් අනතුරක් වේයැයි බියෙන් මිනිසුන් ඉහළ සිට කෑ ගසන්නට වුවත්, ඒ කිසිවක් ගණනකට නොගත් ඔහු එක් අවස්ථාවක භාවනා ඉරියව්වකින් කොටි ගුහාවේ සිටියේ තමන්ට වඩා චණ්ඩියෙකු නොමැති බව පවසන්නාක් මෙනි.

කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වූ සත්වෝද්‍යානයේ නිලධාරීන් ගුහාවේ සිටි කොටින් ඒ තුළම වූ තවත් කූඩුවකට ගාල් කිරීමට සමත් වීමෙන් මේ තරුණයාගේ ජීවිතය බේරුණු බව කියැවෙයි.

මෙම තරුණයා බීමතින් වීරයෙකු වීමට උත්සාහ කර ඇති බව පසුව අනාවරණය වූ අතර, සියදිවි හානිකර ගැනීඹට උත්සාහ කිරීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.

කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී ඉදිරිපත් වූ මෙම තරුණයාගේ පියා තම පුත්‍රයා මානසික ව්‍යවුලකින් පසුවන බව පෙන්වා දෙමින් ඔහුව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරවා තිබේ.

මෙම සත්වෝද්‍යානයේ බලධාරීන් පෙන්වා දී තිබුනේ කොටින් සෑම අවස්ථාවකම පහරදීමේ සූදානමකින් නොසිටින නිසා මේ අවස්ථාවේදී මොහුගේ ජීවිතය බේරී ඇති බවය.



Recommended Articles