කොකාකෝලා මද්‍යසාර සහිත බීමක් ජපානයට?


කොකාකෝලා සමාගම සිය 125 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට මධ්‍යසාර සහිත පානයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබේ.

මෙම නිෂ්පාදනය මුලින්ම ජපාන වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බව බී.බී.සී. වාර්තා පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සාමගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පවසා තිබුණේ ඔවුන්ගේ වෙළෙඳ පොළෙහි විශේෂ කොටසක් වෙත සිදුකරන නවතම අත්හදා බැලීමක් ලෙස මෙය සැලකිය හැකි බවයි.

මෙම පානය සඳහා 3% - 8%ත් අතර ප්‍රමාණයක ඇල්කොහොල් සාන්ද්‍රණයක් තිබිය හැකි බව කියයි.

1_Coca



Recommended Articles