ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ප්‍රධාන බන්ධනාගාරය වෙත එල්ල වූ ප්‍රහාරයක් සමග එහි සිටි සිරකරුවන් 3,000ක් පමණ පැනගොස් ඇති බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත් බලධාරීන් පවසන්නේ ආයුද සන්නද්ධ කල්ලියක් විසින් බන්ධනාගාරයට එල්ල කළ ප්‍රහාරයකින් සිරකරුවන් 50ක් පමණ පළාගොස් ඇති බවයි.
මකාලා බන්ධනාගාරය ලෙසින් සැලකෙන එරට ප්‍රධාන බන්ධනාගාරය ඉලක්ක කරමින් සිදුව ඇති මෙම ප්‍රහාරයේදී සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.
මෙසේ බන්ධනාගාරයෙන් පැනගිය පිරිස අතර බන්ධනාගාරගතව සිටි බුන්ඩූ ඩියා කොංගෝ අන්තවාදී ආගමික කල්ලියේ නායකයා වන නේ මුවන්ඩා සෙමී නමැත්තාද සිටින බව අනාවරණය කරගෙන තිබේ.
එරට පොලිස් ප්‍රකාශකයෙකු පවසා සිටියේ සිරකරුවන් භයානක බැවින් ඔවුන් පිළිබඳ තොරතුරුක් වෙතොත් වහාම පොලීසිය වෙත දන්වන ලෙසයි.
මෙම ප්‍රහාරය එල්ල කිරීම පිටුපස පෙරකී අන්තවාදී ආගමික කල්ලියේ නායකයා සිටින බවයි.