කොංගෝවේ පැතිරී යන මාරාන්තික ඉබෝලා වෛරසය එරට ගම්බද ප්‍රදේශවල සිට නගරාශ්‍රිතවද පැතිරීම ආරම්භ වෙමින් යළිත් එය පාලනය කළ නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වන පෙරනිමිති පෙන්වා තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍ය ඔලී ඉලුන්ගා පවසා සිටියේ මිලියනයක් පමණ ජනතාව ජීවත් වන මබන්ඩකා නගරය ආශ්‍රිතව ඉබෝලා වැළඳුණු රෝගියෙකු වාර්තා වන බවයි.
එය මෙම මස මුලදී රෝගය මුලින්ම වාර්තා වූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 130ක් පමණ දුරින් වූ ස්ථානයක් වීම හේතුවෙන් මෙහි පැතිර යෑමේ අවදානම් තත්ත්වය වඩාත් තීව්‍රකර තිබේ.
මබන්ඩකා නගරය කොංගෝවේ අගනගරය ලෙස සැලකෙන කින්ෂාරා නුවර යා කෙරෙන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙසද පැවතීම නිසා ඉදිරියේදී වෛසරය බොහෝ ප්‍රදේශ වෙත පැතිර යා හැකි බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.
මේ වනවිට කොංගෝව තුළ පුද්ගලයන් 42දෙනෙකුට ඉබෝලා වෛරසය වැළඳී ඇති බව තහවුරු කරගෙන ඇති අතර, ඉන් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියයි.