ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය හා එහි නායක රාහුල් ගාන්ධි හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
රාහුල් ගාන්ධිගේ ට්විටර් ගිණුමෙන් මෙන්ම, කොංග්‍රස් පක්ෂයේ ගිණුමෙන්ද අනුදැනුමකින් තොරව ට්විටර් පණිවුඩ නිකුත් වී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන රාහුල් ගාන්ධි පවසන්නේ ඉන්දියාවේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයේ දැඩි අර්බුදයක් ඇති වී තිබෙන බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ බැංකු කටයුතු මාර්ගගතව සිදුකිරීමට ජනතාව උනන්දු කරලීමේ රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද ආරක්ෂක ගැටලු පැන නගිනු ඇති බව ගාන්ධි ප්‍රශ්න කරයි.