කෙන්යානු ජනපතිගේ මෝටර් රථයකුත් පැහැරගෙන


කෙන්යානු ජනාධිපතිවරයාගේ පරිවාර ආරක්ෂක රථවලට අයත් මෝටර් රථයක් පැහැරගෙන ගොස් තිබියදී එය උගන්ඩාවෙන් සොයාගත් බව ආරක්ෂක අංශ පවසයි.

බී.එම්.ඩබ්. වර්ගයේ මෝටර් රථය පසුගයි බදාදා පැහැරගෙන ගොස් ඇත්තේ එරට අගනගරය වූ නයිරෝබි නුවරදීය.

උගන්ඩාවේ ඉන්ටර්පෝල් පොලිස් ප්‍රධානියා බී.බී.සී.ය වෙත පවසා ඇත්තේ මේ වනවිට එම රථය නැවතත් නයිරෝබි වෙත රැගෙන විත් ඇති බවයි.

කෙන්යානු පොලීසිය පවසන්නේ මේ වනවිට නයිරෝබි නගරයේ දිනකට වාහන පැහැරගැනීම් තුනක්වත් වාර්තා වන බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පරිවාර රථය පැහැරගන්නා විට ජනාධිපතිවරයා ඒ සමග ගමන් කර නොමැති අතර, ඒ සමග පැවතී අත්තේ පොලිස් රථයක් පමණක් බවද කියැවෙයි.

මේ තත්ත්වය තුළ රථය පොලිස් නිලධාරියෙකු විසින්ම පදවාගෙන යන ආකාරය දුටු බවත්, මේ නිසා මෙම පැහැරගැනීම් පිටුපස ආරක්ෂක අංශ සිටින බවට සැකයක් පවතින බවද කියැවෙයි.



Recommended Articles