කෙන්යානු ජනපති උහුරු කෙන්යාටා සිය දෙවැනි ධුර කාලය සඳහා ජනපති ධුරයේ වැඩභාර ගැනීම සිදුවන බැවින් එරට නයිරෝබි අගනුවර ආරක්ෂාව දැඩිකර තිබේ.
මෙම අවස්ථාව සඳහා රාජ්‍යයන් 20කට වැඩි ප්‍රමාණයක රාජ්‍ය නායකයන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පිරිසක් සහභාගි වීමට නියමිතය.
මේ අතර, විපක්ෂ නායක රයිලා ඔඩින්ගා මෙම අවස්ථාවට සහභාගී නොවන බව දන්වා ඇති අතර, කෙන්යාටාට නීත්‍යනුකූලව බලයේ රැඳී සිටීමට අවකාශයක් නොමැති බව පවසමින් ඔහු මෙම අවස්ථාව වර්ජනය කිරීමට යයි.
කෙන්යානු මැතිවරණය මුලින් පැවති අවස්ථාවේදී එහි ප්‍රතිඵලය සම්බන්ධයෙන් පැනනැගුණු අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් යළිත් වරක් මැතිවරණයක් කැඳවනු ලැබීය.
කෙසේ වෙතත්, එවරත් කෙන්යාටාම ජයග්‍රහණය කළ අතර, එවර මැතිවරණයට ප්‍රධාන විපක්ෂය තරග නොකළේය.
එහිදී, 39%ක පමණ ඉතා සුළු ඡන්දය ප්‍රකාශ කිරීමක් වාර්තා වූ අතර, මේ තත්ත්වය තුළ කෙන්යාටාට රට තුළ ජනවරමක් නොමැති බවට විපක්ෂය චෝදනා නගයි.