මිනිස් මොළයට සමාන ආකාරයෙන් සිතන කෘත්‍රිම යන්ත්‍ර බිහි කිරීම සඳහා දරණ උත්සාහයන් මනුෂ්‍ය සංහතියේ අවසානය විය හැකි බවට බ්‍රිතාන්‍ය ජාතික ප්‍රමුඛ සෛද්ධාන්තික භෞතික විද්‍යා මහාචාර්යවරයෙකු වන ස්ටෙෆන් හොකින්ක් අවධාරණය කරයි.
"සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කළා කියන්නෙ මිනිස් සහතියේ අවසානයයි" යනුවෙන් මහාචාර්යවරයා පවසයි.
විශේෂයෙන්ම චාලක නියුරෝන රෝගයෙන් පීඩා විඳින මහාචාර්යවරයාගේ අදහස් වචන බවට පෙරලාගැනීම සඳහා යොදාගෙන ඇත්තේද ඉන්ටෙල් සමාගම විසින් නිර්මාණය කළ මෙවැනිම කෘත්‍රිම බුද්ධියකි.
ඔහු පවසන්නේ මේ වනවිට එවැනි කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය බොහෝ සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන ඇති බැවින්, එහි අවසානය මිනිස් සංහතියට දැවැන්ත තර්ජනයක් වන බවයි.
එවැනි අවසානයකට පැමිණි විට ඒ කෘත්‍රිම බුද්ධීන් අධික වේගයකින් තවදුරටත් ව්‍යාප්ත වනු ඇති බවත්, ඒ තුළින් මිනිසා අභාවයට යනු ඇති බවත් හෙතෙම පවසයි.