ඇමෙරිකානු යුද විරුවන් ජීවත් වූ නිවසක වෙඩි තැබීමක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දෙවැනි ලෝක යුද්ධයේ සිට මේ දක්වා යුද විරුවන් 1,000ක් පමණ ජීවත් වන නිවාසයක සිදුවූ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ගොඩනැගිල්ලට රයිෆලයක් රැගෙන කඩා වැදුණු ප්‍රහාරකයා එහි සිටි කාන්තාවන් තිදෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණු අතර, ඔවුන් එහි සේවිකාවන් බව පසුව හඳුනාගෙන තිබුණි.

කෙසේ වෙතත්, පොලීසිය පැමිණ පැය කිහිපයක් පුරා ප්‍රාණ ඇපයේ සිටි පිරිස් බේරාගැනීමට උත්සාහ කළද ඔහු එය කාන්තාවන් වෙඩි තබා මරා දමා තිබුණි.

මෙම ප්‍රහාරකයා මෙල්ල කර ගැනීම සඳහා පසුව පොලීසිය ඔහු සමග සිදුකළ වෙඩි හුවමාරුවේදී ඔහුද වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඒ අනුව, ප්‍රහාරයෙන් මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙකු සහ ප්‍රහාරය සඳහා පැමිණි පුරුෂයාද වන බව පොලීසිය කියයි.

ප්‍රහාරකයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ප්‍රහාරක කවර අරමුණකින් සිදුවූවක්ද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බව පොලීසිය කියයි.

1_Army 2



Recommended Articles