කුර්දි සරණාගතයන් ලක්ෂය පනිද්දී තුර්කි දේශසීමා වැසේ


සිරියාවේ කුර්දිස්ථාන වැසියන් ලක්ෂයක් පමණ පසුගිය දින දෙක තුළ දේශසීමා පසුකරමින් තුර්කිය වෙත පැමිණීමත් සමග, සිය ඇතැම් දේශසීමා වසා දැමීමට තුර්කි රජය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර, ඊයේ (21දා) දිනයේදී කුර්දි සරණාගතයන් හා තුර්කි ආරක්ෂක අංශ අතර ගැටුම් හටගත් අතර, ඇතැම් කුර්දි සරණාගතයන් නැවත සිරියාවට ඇතුළුව ISIS ඉස්ලාමීය අන්තවාදීන් සමග සටනට යෑමට සූදානමින් සිටින බවද පැවසෙයි.    

මෙසේ පැමිණි බොහෝ සරණාගතයන් කෝබේන් නගර වැසියන් ලෙස සැලකෙන අතර, එම නගරය මේ වනවිට සුන්නි අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුව තිබේ.

සුන්නි අන්තවාදීන් පසුගිය කාලය පුරාවට ඉරාකයේ හා සිරියාවේ දැවැන්ත කොටසක් සිය ග්‍රහණයට නතුකර ගෙන පවතින අතර, ඔවුන් පරාජයට පත්කිරීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් විසින් එක්සත් සන්ධානයක්ද ඇති කරගෙන තිබේ.



Recommended Articles