කුර්දි ජනමතවිචාරණයට විශාල උද්‍යෝගයක් ලැබේ


ඉරාකයේ කුර්දිස්ථාන් පළාත සඳහා නිදහස ලබාදීමේ ජනමත විචාරණය සඳහා විශාල පිරිසක් මහත් උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ වනවිටත් ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර, බොහෝ දෙනා පවසන්නේ එම පළාතට නිදහස හිමිවිය යුතු බවට 'ඔව්' යන්න දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගනු ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම ජනමත විචාරණය ඉරාක ව්‍යවස්ථාව උලංඝනය කරන අවස්ථාවක් බව එරට අගමැතිවරයා පවසද්දී, කුර්දි ජනතාව පවසන්නේ මෙය ඔවුන්ට සාකච්ඡා මේසයට පැමිණීමට ලැබෙන නීතිමය බලයක් බවයි.

ජනමත විචාරණය පැවැත්වූ පළාත්වල සාමකාමී වාතාවරණයක් පැවති අතර, 72%ක ප්‍රතිශතයකින් මෙය ජයග්‍රහණය කරනු ඇති බවටද විශ්වාස කෙරෙයි.

පළාතේ අගනුවර වන ඉර්බිල් හි ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමත් සමග උත්සවශ්‍රීයක් ගත් බව විදෙස් වාර්තා පවසයි.

1_Kurdi23



Recommended Articles