ඇෆ්ගනිස්ථානයේ කුන්ඩූස් නගරය යළි අත්පත් කරගැනීම සඳහා ඇෆ්ගන් හමුදාව තලේබාන් සටන්කාමීන් සමග සටන් අරඹා තිබේ.
2001 වසරේදී තලේබාන් සංවිධානය පරාජය කිරීමත් සමග ඔවුන් ඇෆ්ගනිස්ථානය තුළ ලැබූ ප්‍රබල ජයග්‍රහණයක් ලෙස මෙය සැලකෙයි.
විදෙස් වාර්තාවන්ට අනුව මේ වනවිටත් දෙපාර්ශවය අතර දරුණු සටන් ඇති වන බව පැවසෙයි.
මේ අතර, ඇෆ්ගන් ජනපති අෂ්රෆ් ඝානි පවසා සිටින්නේ තම හමුදා ක්‍රමයෙන් නගරයේ බලය අත්පත් කරගන්නා බවයි.