කුන්ඩූස් අත්පත් කරගැනීමට තලේබාන් සමග දරුණු සටන්


ඇෆ්ගනිස්ථානයේ උතුරුදිග කුන්ඩූස් යළි අත්පත් කරගැනීම සඳහා තලේබාන් ත්‍රස්තයන් හා ඇෆ්ගන් හමුදා අතර දරුණු සටන් ඇවිලෙන බව විදෙස් වාර්තා පවසයි.

නගරයේ බලය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති බව ඇෆ්ගන් රජය පැවසූවද තවමත් සටන් අවසන් නොමැති බවද එම වාර්තා සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා උදය වරුවේදී තලේබාන් සටන්කාමීන් නගරයේ ප්‍රධාන චතුරස්‍රය වෙත පැමිණ එරට ධජය යලිත් වරක් නගර මධ්‍යයේ ලෙළදෙන්නට සැලැස්වීය.

ඒ අනුව, මේ වනවිට නගරයේ බොහෝ පළාත්වල බලය රජයේ හමුදා අතට පත්වූවද, බලය තහවුරු කරගැනීම සඳහා තවමත් සටන් ඇවිලෙන බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.



Recommended Articles