කියුබාවේ ධනවාදයට ඉඩක් දෙන්නේ නෑ - නව ජනපති


රාවුල් කැස්ත්‍රෝ යුගය නිමා කරමින් කියුබාවේ නව ජනපතිවරයා ලෙස මිගෙල් ඩියෑස් කැනෙල් තෝරා පත්කර ගැනීම නිල වශයෙන් සිදුව තිබේ.

වර්ෂ 1959 වූ කියුබානු විප්ලවයෙන් පසුව කැස්ත්‍රෝ පවුලේ සාමාජිකයෙකු බලයේ රැඳී නොසිටීම ඇරඹි ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

පසුගිය වසර පහක කාලය තුළ පළමු උප ජනාධිපතිවරයා ලෙස සේවය කරමින් අත්දැකීම් බහුල අයෙකු ලෙස ඩියෑස් කැනෙල් සැලකෙයි.

කියුබානු විප්ලවයෙන් පසුව උපත ලබා ඇති ඩියෑස් කැනෙල්, රාවුල් කැස්ත්‍රෝගේ දකුණත ලෙස සැලකෙන බැවින් ඔහු කියුබානු පාලනයේ මහා විශාල පෙරළියක් හෝ විප්ලවීය වෙනසක් සිදුනොකරනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කියුබාව තුළ ධනවාදය ස්ථාපිත කිරීමට උත්සාහ දරන්නන්ට කිසිදු අවස්ථාවක් හිමි නොවන බව සිය දිවුරුම්දීමේ කතාව කරමින් ඩියෑස් කැනෙල් පවසා සිටියේය.

1_Cuban Leader



Recommended Articles