උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන් විසින්ඇ මෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත තමා හමුවීමට ආරාධනාවක් කර ඇති බවත්, ට්‍රම්ප් එම ආරාධනය පිළිගැනීමට සූදානම් බව විදෙස් වාර්තා පවසයි.
මෙම සුවිශේෂී පුවත ලොව පුරා මාධ්‍ය පුදුමයට පත්කළ සිදුවීමක් වී ඇති අතර, ඇමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු ජනපතිවරයා අතර හමුව ලබන මැයි මස මුලදී සිදුවනු ඇති බව වොෂිංටන් නුවර දකුණු කොරියානු බලධාරීහු පවසා තිබේ.
එහිදී, උතුරු කොරියානු නායකයා විසින් ලබාදුන් හඬ පණිවුඩයක් දකුණු කොරියානු බලධාරීන් විසින් ඇමෙරිකානු ජනපතිවරයාට ලබාදීමට කටයුතු කර ඇති අතර, තම රට න්‍යෂ්ටිකහරණයට සූදානම් බව එහිදී උතුරු කොරියානු නායකයා සඳහන් කර ඇති බව කියැවෙයි.
දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් පවසා සිටියේ මෙය කොරියානු අර්ධද්වීපයේ සාම ව්‍යායාමය වෙනුවෙන් තැබූ යෝධ පියවරක් බවයි.
පසුගියදා උතුරු කොරියාව වෙත ඓතිහාසික සංචාරයක නිරත වූ දකුණු කොරියානු නියෝජිත පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටනයේදී ඇමෙරිකානු නායකයා හමුවෙමින් ඔවුන්ගේ මෙම හමුව පිළිබඳ තොරතුරු සැලකර තිබුණි.
ඔවුන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ මෙම සාම නැඹුරුව පිළිබඳ තොරතුරු ඇමෙරිකානු නායකයා සමග හුවමාරු කරගෙන ඇත්තේ එහිදීය.