කැලිෆෝනියා බර්ගර් අවන්හල් තුළ සේවයට රොබෝ කෝකිවරු


උණුසුම් උදුනක් තුළ බර්ගර් පෙරලමින් කැලිෆෝනියාවේ අවන්හල් තුළ ඉවුම් පිහුම් කළ විශේෂ ෆ්ලිපී රොබෝ යන්ත්‍රයට කෙටි විවේකයක් ලබාදීමට එහි නර්මාණකරුවන් තීරණය කර තිබේ.

ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රකට බර්ගර් අවන්හල් ජාලයක් වන කාලි බර්ගර් හි සේවයේ යොදවා තිබූ මෙම රොබෝ යන්ත්‍රය දිනක කාලයක් එම අවන්හල් තුළ සේවය කළත්, ඊට තාවකාලික විරාමයක් ලබාදී ඇත්තේ එහි කාර්යය තරමක් සෙමින් සිදුකරන බැවින්, එය තවදුරටත් කාර්යක්ෂම කිරීමේ යාවත්කාලීන කිරීමක් සඳහාය.

එමෙන්ම, මෙම රොබෝ යන්ත්‍රයන්ට සහාය දක්වන මිනිස් ශ්‍රමිකයන්ට ඔවුන් සමග සේවය කරමින් එම කාර්යයට සහාය වීමේ ක්‍රියාවලිය තවදුරටත් පුහුණු කිරීමද මෙම විරාමය ලබාදීමේ තීරණය පසුපස ඇති බව සඳහන් වෙයි.

විශේෂයෙන් උණුසුම් උදුනක දවස පුරා බර්ගර් රත් කිරීම අතිශය වෙහෙසකර හා නිරන්තරයෙන් උණුසුමට නිරාවරණය වන රැකියාවක් නිසා එය වඩාත් පහසු කරනු වස් මෙම රොබෝ කෝකියා නිර්මාණය කිරීමට මයිසෝ රොබොටික්ස් සමාගම කටයුතු කර තිබේ.

1_Burger 2



Recommended Articles