ඇමෙරිකාවේ, දකුණුදිග කැලිෆෝනියාවට බලපෑ ප්‍රබල නායයෑමකින් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය 17 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම අනතුරින් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව ඇමෙරිකානු බලධාරීහු පවසති.
පසුගිය මාසයේ ඇති වූ ලැව්ගිනි හේතුවෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබූ සැන්ටා බාබරා ප්‍රදේශයේ පමණක් තවත් තුවාලකරුවන් 28 දෙනෙකු පිළිබඳ වාර්තා වෙයි.
විශාල ගල් පර්වත මෙන්ම, පස් කඳු කඩාගෙන පැමිණීමෙන් නිවාස 100ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර, තවත් 300කට පමණ අලාභානි සිදුව තිබේ.
මෙම අනතුරින් කුඩා දරුවන්ද ජීවිතක්ෂයට පත්වීම හෝ තුවාල වීම පිළිබඳවද වාර්තා වන අතර, වයස අවුරුදු දෙකක දැරියක් මුදාගැනීමේ මෙහෙයුම්වලදී සොයාගැනීමට හැකිවී තිබේ.