දකුණුදිග කැලිෆෝනියාවේ ඇති වූ ගංවතුර හා නායයෑම් සමග තවදුරටත් අතුරුදන්ව ඇති පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
මෙම නායයෑම් තත්ත්වයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
නායයෑමත් සමග වෙරළාසන්න ප්‍රධාන අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 48කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පොලීසිය පවසා සිටියේ නායයෑමෙන් පසුව එම ප්‍රදේශය දෙවැනි ලෝක යුද්ධයට මැදිවූ යුද බිමක ස්වරූපය ගත් බවයි.
කෙසේ වෙතත්, සෝදිසි මෙහෙයුම් සමග මේ වනවිට පුද්ගලයන් 50කට අධික පිරිසක් බේරාගෙන තිබුණත්, මියගිය පිරස මීට වඩා වැඩිවිය හැකි බවද පොලීසිය පවසයි.