ඇමෙරිකා එක්සත් ජනපදයේ, දකුණුදිග කැලිෆෝනියා ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයෑමකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අධික වර්ෂාවත් සමග ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය මෙම නායයෑමට හේතුවී ඇති අතර, මෙම ස්වභාවික විපතින් තවත් කිහිප දෙනෙකුම බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
සැන්ටා බාබරා ප්‍රදේශයට නැගෙනහිරින් පිහිටි රොමේරෝ කැනියම ආසන්නව පුද්ගලයන් 300ක් පමණ කොටුවී සිටින බවද වාර්තා වෙයි.
පොලීසිය පවසන්නේ මෙම නායයෑමෙන් ඒ ප්‍රදේශය පළමු වැනි ලෝක සංග්‍රාමය සමයේ යුද පිටියක් බඳුව දිස්වන බවයි.
නායයෑම හේතුවෙන වෙරළබඩ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 48ක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුව තිබේ.