කැරිබියන් කලාපයේ ලීවෝඩ් දූපත් වෙත මාරියා සුළි කුණාටුව ඇදෙමින් පවතින බවත්, එය තවත් දරුණු සුළි කුණාටුවක් විය හැකි බවත් අනතුරු ඇඟවෙයි.
මේ වනවිට පළමු වන ප්‍රවර්ගයට අයත් සුළි කුණාටුවක් ලෙස පවතින මෙය, ඉදිරි පැය 48ක කාලය තුළ ප්‍රචණ්ඩ ස්වරූපයක් ගනිමින් සඳුදා සවස් කාලයේදී දූපත් වෙත ඇතුළු වීමට නියමිත බව ඇමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි.
මෙම මාසයේදීම කැරිබියන් කලාපයට බලපෑ දරුණු බලපෑමක් ඇති කරමින් ඇතුළු වූ අ'ර්මා සුළි කුණාටුව ඇදුණු මාර්ගයේම පාහේ මාරියා සුළි කුණාටුව පැමිණෙන බවද කියයි.
ඒ අනුව, ග්වාඩිලූප්, ඩොමිනිකා, සෙන්ට් කිට්ස් ඇන්ඩ් නේවිස්, මොන්ට්සෙරාට් සහ මාර්ටිනික් යන දූපත්වලට දැනටමත් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
එමෙන්ම, මෙම සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට ඇමෙරිකානු සහ බ්‍රිටිෂ් වර්ජින් දූපත් වෙතත්, සෙන්ට් මාර්ටින්, සෙන්ට් බාර්ට්ස්, සාබා, සෙන්ට් ඉයුස්ටාටියස් සහ ඇන්ගුයිලා යන දූපත්වලට බලපෑම් කර ඇති බවත් සඳහන් වෙයි.
මෙම දූපත්වලින් කොටසක් පසුගියදා ඇති වූ අ'ර්මා සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයේ සුන්බුන් ඉවත්කරමින් හා අලුත්වැඩියාවන් සිදුකරමින් පවතින බවත් වාර්තා වෙයි.
අ'ර්මා සුළි කුණාටුවෙන් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් සිදුවූ හානිය ඩොලර් බිලියන ගණනකි.