කැනේඩියානු බිලියනපතියෙකු සහ ඔහුගේ බිරිඳ ඔවුන් ජීවත්වන ටොරොන්ටෝ නගරයේ නිවස තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර, එම මරණ සැක සහිත බව කැනේඩියානු පොලීසිය පවසයි.
බැරී ෂර්මන් සහ බිරිඳ හනීගේ සිරුරු ඔවුන්ගේ නිවසේ බිම් මහලේ තිබී සොයාගෙන ඇත්තේ ඔවුන්ගේ සේවකයෙකු විසිනි.
කැනේඩියානු ප්‍රමුඛ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ඇපොටෙක්ස් හි නිර්මාතෘ සහ සභාපතිවරයා ලෙස කටයුතු කරන ෂර්මන් ලෝකය පුර ඖෂධ බෙදාහැරීම සිදුකළේය.
ඔහු කැනඩාවේ ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම කියවුණු නමක් වන අතර, සිය ධනය පුණ්‍ය කටයුතු වෙනුවෙන්ද බොහෝ වැයකළ අයෙකු ලෙස සැලකෙයි.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් කැනේඩියානු නායක ජස්ටින් ටෘඩෝ ට්විටර පණිවුඩයක් නිකුත් කරමින් සිය ශෝකය පළ කර තිබේ.