උතුරු කොරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දකුණු කොරියාවේ උපත ලැබූ, කැනේඩියානු ජාතික පාස්ටර්වරයෙකුට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.
උතුරු කොරියානු රජය පෙරළීමේ කුමන්ත්‍රණ කිරීම හා ආගමික කටයුතුවලදී එරට සමාජ පද්ධතිය නොසලකා හැරීම යන චෝදනා යටතේ ඔහුට මුලින් මරණ දඬුවම නියම වී තිබේ.
කෙසේ වෙතත්, පසුව පාස්ටර් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන්ගේ කරුණු දැක්වීම් හමුවේ එම දඬුවම ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවමක් දක්වා පහළ දමා තිබේ.
කෙසේ වෙතත්, කැනඩාව පවසන්නේ මෙම නඩු තීන්දුව අසාධාරණ බවයි.